11 ශ්‍රේණියේ සිසු දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම උදෙසා රාත්‍රී පාඩම් කඳවුරු ආරම්භ කරන ලදී
විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි අංශ ප්‍රධාන හා ශ්‍රේණි ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන්ගේ මැදිහත්වීමෙන් හාc විෂය භාර ගුරු මහත්ම මහත්මීන්ගේ අපිරිමිත කැපවීමෙන් පළමු කාණ්ඩයේ විෂයන් උදෙසා මෙම කඳවුර පවත්වන ලදී. අනෙකුත් විෂයන් උදෙසාද ඉදිරියේදී රාත්‍රී පාඩම් කඳවුරු පැවැත්වීමට නියමිතය.







