බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ නැගෙනහිර සියනෑ කෝරලයේ මෙගොඩ පත්තුවේ දොම්පේ මැතිවරණ කොට්ඨාසයේ 390/සී , කිතුලකන්ද ග්‍රාම සේවක වසමට අයත් රදාවාන ග්‍රාමයේ තුංමං හන්දියේ පිහිටි බප/ගම්/ මහගමසේකර මහා විද්‍යාලයට ශත වර්ෂයකටත් වඩා දිගු ඉතිහාසයක් හිමිවී ඇත. මෙම පාසල රදාවාන හන්දියේ දැනට ඩුබායි කඩේ නැමති ස්ථානයේ පිටුපස වෙල්යාය ඉස්මත්තේ පොල් අතු සෙවිලිකල කටුමැටි ගැසූ තාවකාලික ගොඩනැඟිල්ලක 1872 වර්ෂයේ ආරම්භ කරන ලදී. එය පිරිමි පාසලක් වූ අතර එහි මුල ගුරුතුමා වූයේ සියදෝරිස් මහීපාල මහතාය. ගැහැනු පාසල රදාවාන අම්බලම් කොටුවත් දැනට තිබෙන පාසලත් අතර තාර පාර තිබෙන ප්‍රදේශයේ පිරිමි පාසල් ගොඩනැගිල්ල මෙන් කුඩා ගොඩනැඟිල්ලක ආරම්භ කර ඇති අතර එහි මුල් ගුරුතුමිය වූයේ පිරිමි පාසලේ මුල් ගුරුතුමාගේ භාර්යාව වූ මිසිනෝනා මහත්මියයි.







