බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය

ශිෂ්‍ය නායකයින්ගේ නිල ලාංජන පැලදවීමේ උත්සවය

450532017_462582046727855_4342378959775480031_n.jpg
451138716_462583216727738_1598233790031476003_n.jpg
450560267_462583676727692_7850995031015707716_n.jpg

විදුහල්පති පණිවිඩය

මේජර් එම්.කේ. සනත් පුෂ්පකුමාර

අනාගතය ජයගැනීමට නම් අතීත අත්දැකීම් දැනුම බුද්ධිය සැම විටම විද්‍යාව හා තාක්ෂණය සමග මුසුකොට ගෙන කටයුතු කළ යුතුය. අනාගත ඩිජිටල් ලෝකයේ කෘතිම බුද්ධිය අපට ම අභියෝගයක් වනු නොඅනුමානය. මේ සියල්ලෙහිම නිර්මාපකයා මිනිසාය. අනාගත ලොව හොඳ හොඳම දේට වඩා දැනුම බුද්ධිය යටපත් කොට අන්ධානුකරණ භක්තියෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කරන අවස්ථා දැකිය හැකිය.
මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල කටයුතු, රාජ්‍ය බිඳ වැටීම්, යුධ කටයුතු වැනි දේ සඳහා වර්තමානයේදී නූතන තාක්ෂණික දැනුම යොදා ගන්නා බවක් පෙනේ. මේවා මිනිසාට හිතකර යහපත් තත්ත්වයන් නොවේ. මෙය  වෙනස් කළ හැක්කේ රටේ අනාගතය වන ආදරණීය දියණිවරුන් හා පුතණුවරුන් වන ඔබටමය. ලොව දැනුම සොයා යෑමේදී වෙබ් අඩවි තුලින්ද වන්නේ මහඟු සේවයකි. අප පාසලේ අතීතයේ සිට වර්තමානය දක්වාත් අනාගතයත් පුරෝකතනයන් සඳහාත්  මෙම වෙබ් අඩවිය සැම විටම ප්‍රයෝජනවත් වනු නොඅනුමානය. මහගමසේකර මහා විද්‍යාලය ලෝකය තුළ ප්‍රචලිත වන්නටත් අභිමානවත් ලෙස වැජඹෙන්නටත් මෙය පිටුවහලක් වේවා යයි මාගේ ප්‍රාර්ථනයයි. අනාගත ලොව යහපත් කරනු වස් ගුණ නැණ බෙලෙන් පෙරටම යන්නට නොසැලී අභියෝග ජයගෙන පරිසර හිතකාමීව කටයුතු කරන්නට සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා!

මේජර් එම්.කේ. සනත් පුෂ්පකුමාර
විදුහල්පති
බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය.