පරිපාලන සහකාර විදුහල්පති පණිවිඩය
එස්.එස්. ගමගේ මිය.
මහගමසේකර මහා විද්‍යාලය බස්නාහිර පළාතේ ගම්පහ කලාපයේ පිහිටි වසර එකසිය පනහකට වැඩි දිගු ඉතිහාසයකට උරුමකම් කියන පාසලකි. ක්‍රීඩාව, කලාව, අධ්‍යාපනය ආදී සෑම අංශයකින්ම දස්කම් විස්කම් පාන දරු දැරියන් රැසකින් සමන්විත අප පාසලේ දූ පුතුන් තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධව ද ඉතාමත් ආසාවකින් කැපවීමකින් කටයුතු කරයි. පාසලේ තිබෙන තොරතුරු තාක්ෂණික භෞතික සම්පත් ප්‍රයෝජනයට ගනිමින් විවිධ මෘදුකාංග භාවිත කරමින් දස්කම් පාන දූ පුතුන් හට මෙම වෙබ් අඩවිය ඔවුන්ගේ දක්ෂතා හැකියා වර්ධනයටද මහත් තෝතැන්නක් වනු නොඅනුමානය. අප පාසලට ද පාසලේ අභිමානය ලොවට විදහා දක්වන්නටත් පාසලේ තොරතුරු සන්නිවේදන කාර්ය කාර්යක්ෂමව ඵලදායීව ඉටුකර ගැනීම සඳහාත් මෙම වෙබ් අඩවිය ඉමහත් පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කරමි. මෙම වෙබ් අඩවිය හරහා අප පාසල හා සම්බන්ධ වන ඔබ සැමටත් පාසලේ අභිවෘද්ධිය උදෙසා එක්වන ලෙස ගෞරවයෙන් ඇරයුම් කරමි. මෙම වෙබ් අඩවි නිර්මාණ කාර්යය වෙනුවෙන් කටයුතු කළ විද්‍යාලයේ වෙබ් අඩවි නිර්මාණ කණ්ඩායමටත් ඒ සඳහා දැනුම පුහුණුව ලබා දුන් සයිබර් ලොවට පියාපත් වැඩසටහනේ කාර්ය මණ්ඩලයටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි. අප විද්‍යාලයේ වෙබ් අඩවිය ඇසුරු කරමින් දැනුම අවබෝධය වර්ධනය කර ගනිමින් රටට දැයට වැඩදායි අභිමානවත් පෞරුෂකින් යුත් ගුණ නැණ බෙලෙන් පිරිපුන් දරු පිරිසක් සේකරයෙන් බිහිවනු දැකීම මාගේ ප්‍රාර්ථනයයි.
එස්.එස්. ගමගේ මිය.
පරිපාලන සහකාර විදුහල්පති
බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය.







