මෙම පාසල් දෙකම රජයේ පාසල් ලෙස ආරම්භ වූ අතර වෙන වෙනම පාලනය විය. ආරම්භයේදී මෙම පාසල් දෙකෙහිම ශිෂ්‍ය සංඛ්‍යාව 50 කට පමණ සීමා වූ අතර ගුරු සංඛ්‍යාව 08 ක් පමණ විය. පිරිමි ළමුන් සරම හා කමිසය ද, ගැහැනු ළමුන් චීත්තය හා හැට්ටයද ඇඳ පාසලට පැමිණී අතර ගුරුන්නාන්සේ නමින් මුල් ගුරුතුමා හැඳින්වීය.
1915 දී ශිෂ්‍ය සංඛ්‍යාව 270 ක් දක්වා වර්ධනය වූ අතර ගුරු මණ්ඩලය 8 දෙනෙකුගෙන් සමන්විත විය. 1916 දී 8 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත් විණි.
1919 දී මැනිං ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේ රදාවාන පදිංචි සම්මන්දප්පෙරුම මොහොට්ටි අප්පුහාමිලාගේ දෝන සුසානාහාමිනේ හෙවත් පෙතියාගොඩ මැණිකේ මහත්මිය විසින් දැනට මහගමසේකර මහා විද්‍යාලය පිහිටා ඇති අක්කර එකහමාරක පමණ මැදලන්ද වත්ත නම් ඉඩම රජයට පරිත්‍යාග කල අතර 1919-03-21 දින පිරිමි පාසල එහි සාදන ලද ගොඩනැඟිල්ලකට ගෙන එන ලදී. එදින සිටවූ නා පැලය අද විශාල නාගසක් ලෙස වැඩී ඇත.
ඉන්පසු ගැහැණූ පාසලද මෙම ඉඩමේ සාදන ලද වෙනමම ගොඩනැගිල්ලකට ගෙන එන ලදී. එකම සැලැස්මකට සාදන ලද කණු සහිත ගොඩනැඟිලි දෙකකින් ගැහැනු- පිරිමි පාසල් දෙක වෙන වෙනම පාලනය වූ අතර කම්බි වැටකින් පාසල් දෙක වෙන් කර තිබිණි. පාසල් දෙක සඳහාම වෙන වෙනම ළිං දෙකක් සහ ගේට්ටු දෙකක්ද විය.
1932-03-03 දින දක්වා එතෙක් ඉංග්‍රීසී මාධ්‍ය පාසලක්ව තිබූ මෙම පාසල ස්වභාෂා පාසලක් බවට පත්කල අතර ඉංග්‍රීසී විෂය භාෂාවක් ලෙස ඉගැන්වීම ආරම්භ කරන ලදී. 1933.09.22 දින පළමුවෙන්ම රෙදි විවීමද මෙම පාසලේ ආරම්භ කර ඇත. 1934-07-18 දින පළමු ගුරු දෙගුරු සමිතිය පවත්වා ඇත.
1936-11-03 දින ප්‍රධානාචාර්ය කේ.එස්.පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් නැටුම් ඉගැන්වීම හා ලේඛන කලාව ආරම්භ කර අතර 1937-02-01 දින පළමුවෙන් ග්‍රාමීය අධ්‍යාපනය ඉගැන්වීම ආරම්භ විය.1943 දී පළමුවෙන්ම නැටුම් හා රෙදි විවීම සඳහා ගුරුවරු පත් කිරීම සිදුවිය.
මුල් කාලයේදී මෙම පාසල් දෙක C/රදාවාන පිරිමි පාසල හා C/රදාවාන ගැහැනු පාසල ලෙස හැඳින් වූ අතර 1965-01-06 දින ගැහැනු හා පිරිමි පාසල් දෙක මිශ්‍ර කර ප්‍රාථමික හා පශ්චාත් මිශ්‍ර පාසලක් බවට පත් කරන ලදී. 1965-02-06 දින ප්‍රාථමික හා පශ්චාත් යන කොටස දෙක එක් කොට කො/උ/රදාවාන මහා විද්‍යාලය බවට පත් කරන ලදී.
1971-02-01 කණිෂ්ට පන්ති අනුබද්ධ මහා විද්‍යාලයක් බවට පත් කෙරුණි.
1974 වර්ෂයේදී එවකට විදුහල්පති ඩයස් මහතාගේ මූලිකත්වයෙන් හා ආචාර්යව සිටි සංඝනායක රදාවාන ශ්‍රී මහා විහාරාධිපති පූජ්‍ය සන්දනන්ගම අත්ථදස්සී හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කන්නිමහර පදිංචි කේ.ඒ.ඩී කරුණාරත්න රාළහාමි හෙවත් බොල්ලතාවේ රාළහාමි විසින් මෙම පාසලට බුදුමැදුරක් තනවා පරිත්‍යාග කරන ලදී.
1976 -07-03 වන දින එවකට රාජ්‍ය පරිපාලන, පලාත් පාලන ස්වදේශ කටයුතු, අධිකරණ හා මුදල් ඇමතිව සිටි දොම්පේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීලික්ස් රෙජිනෝල්ඩ් ඩයස් බණ්ඩාරනායක මහතා විසින් මෙම පාසලේ මහගමසේකර පුස්තකාලය විවෘත කරන ලදී. ප්‍රවීන ලේඛකයකු වූ කේ.ජයතිලක මහතා ඇතුල් බොහෝ පුද්ගලයින් විසින එදින මෙම පුස්තකාලයට පොත් පරිත්‍යාග කරන ලදී.
මෙම පාසලේ ඉගනුම ලැබූ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ රදාවානෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු වන මහගමසේකර මහතාට ගරු කිරීමක් වශයෙන් 1981-11-26 දින එවකට විදුහල්පති තනතුර හෙබවූ ක්වින්ටන් පීරිස් මහතාගේ මූලිකත්වයෙන් මෙම පාසල බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය ලෙස නම් කරන ලදී.
1983-09-23 දින පළමු ත්‍යාග ප්‍රදානෝත්සවක් පැවැත් වූ අතර මෙහිදී ආදි ශිෂ්‍යයෙකු වූ චිත්‍ර හා මූර්ති ශීල්පී මංජුල රුවන් සිරිසේන මහතා විසින් නිමවන ලද සරස්වතී ප්‍රතිමාව ස්ථාපිත කිරීමද එදින සිදු විය.
1989 ජූනී 11 සිට ජූනී 18 දක්වා 139 වෙනි මහපොල වැඩසටහන මෙම විදුහලේ පැවැත්වීම විශේෂ සිදුවීමකි.
විදුහල්පති එස්.එම්.එස් රණ්ඩණ්ඩා මහතාගේ කාලයේ එනම් 1995-10-18 දින මෙම විදුහලේ දෙමහල් ගොඩනැඟිල්ල විවෘත කරන ලදී.
මෙම විදුහල විවිධ අංශයන්ගෙන් ප්‍රතිභාපූර්ණ පුරවැසියන් රැසක් ලක්මාතාවට දායාද කර ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1872 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
08 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
50 |
|
මුල් ගුරුතුමාගේ නම |
සියදෝරිස් මහීපාල මහතා සහ මිසිනෝනා මහත්මිය |
|
පාසලේ ආදි කතෘගේ නම |
සියදෝරිස් මහීපාල මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
02 |
|
පාසලේ නම |
බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
සියදෝරිස් මහීපාල මහතා |
|
පාසල පැවැත්වූ ස්ථානය |
රදාවාන හන්දියේ දැනට ඩුබායි කඩේ නැමති ස්ථානයේ පිටුපස වෙල්යාය ඉස්මත්තේ පොල් අතු සෙවිලිකල කටුමැටි ගැසූ තාවකාලික ගොඩනැඟිල්ලක |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1872 |







