පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පාසල් නිල ඇඳුම සකස් විය යුතු ආකාරය.
පිරිමි ළමුන් සඳහා.


කමිසය
- කමිසයේ සාක්කුවේ දකුණු කෙළවර ඉහළ තීරුවේ විද්‍යාලයේ නම සහිත පාසල් ලාංඡනය ස්ථිර ලෙස මසා තිබිය යුතුය.
- කමිසයේ වම් පසට වන සේ එක් සාක්කුවක් පමණක් තිබිය යුතු අතර එහි බොත්තම් හෝ රැළි නොතිබිය යුතුය.
- ඇඳුම මැසීමේ දී හා මැදීමේදී අනවශ්‍ය රැලි ආදිය නොතැබිය යුතුය.
- අත්කොට කමිසයේ අත වැලමිටින් ඉහළට තිබිය යුතු අතර අනවශ්‍ය ලෙස විශාල (බැගී) නොවිය යුතුය. අතට හිර කර නොතිබිය යුතුය.
- වැලමිට අංශක අනූවට නැවූ විට කමිසයේ වාටිය අතේ ස්පර්ශ විය යුතුය.
- කොලරයේ බොත්තම් නොතිබිය යුතුය.
- ඇඳුමට නිල් දැමීමේදී එම පැහැය වෙනස් නොවීමට වගබලා ගත යුතුය.
- අත් දිග කමිස ඇඳිය යුත්තේ පාසලේ උත්සව අවස්ථාවල දී ටයි පටිය පළඳින්නේ නම් පමණි.
- කමිසයේ කර පිය වන බොත්තමට අඟල් තුනක් පහළින් ඊළඟ බොත්තම සවිකොට එය පියවා තැබිය යුතුය.
- බොත්තම් වාටිය නොමැතිව මැසිය යුතුය.
- සැම විටම පාසල තුළදී කමිසය කලිසමට යට කර තිබිය යුතුය.
කලිසම
- කලිසම නාභියට අඟලකට වඩා පහත් නොවිය යුතුය.
- කලිසමේ යට කෙළවර(පෝල්ට්) අඟල් 16 විය යුතුය.
- රූපයේ ඇති පරිදි සාමාන්‍ය රැලි දෙකක් පමණක් බැගින් දෙපසෙහි තිබිය යුතුය.
- එය මැදීමේදී අඟල් 09කට වඩා නොවැඩි ප්‍රමාණයකින් අවසන් විය යුතුය.
- කලිසමේ පසුපස එක් සාක්කුවක් පමණක් තිබිය යුතුය. මෙම සාක්කුවේ පියන් නොදැමිය යුතුය.
- කලිසමේ බෑන්ඩ් එක අඟල් 1 1/2 නොවැඩි විය යුතු අතර ලූප්ස් නොදැමිය යුතුය.
- කලිසමේ බොත්තම් ඇල්ලිය නොහැක.
- ඇඟට තද වන සේ ටයිට් කරන ලද හෝ ප්‍රමාණයට වඩා විශාල (බැගී) ඇඳුම් ඇඳීමට අවසර දෙනු නොලැබේ.
- 6, 7, 8, 9 ශ්‍රේණිවල සිසුන් සුදු කොට කලිසම් ඇඳිය යුතු අතර එය ප්ලීට් දෙකයි /දණහිසට අඟලක් උඩින් වාටිය / පිටුපස සාක්කු එකක් පමණි / ලූප්ස් භාවිත කළ නොහැක.
හිස කෙස්
- විද්‍යාලයට ගැලපෙන ආකාරයට කොණ්ඩය කොටට කපා පැත්තෙන් පීරා පැමිණිය යුතුය. එය පාසලට සුදුසු එකක් විය යුතුය.
- හිසකෙස් නළලට නොවැටෙන සේ කොටට කැපිය යුතු අතර කන දෙපස හිසකෙස් කන්වල මැදට පහළින් නොතැබිය යුතුය.
- ක්‍රීම් හෝ ආලේපන යොදා කොණ්ඩය සකස් නොකළ යුතුය. පොල්තෙල් පමණක් අවශ්‍ය නම් භාවිතා කළ හැකිය.
- ශිෂ්‍ය භටයින් හට කඳවුරු ගත වීමට ආසන්න හා කඳවුරු ගත වන කාලය තුළ හැර කිසිදු අවස්ථාවක කොණ්ඩය ඉතා කොටට නොකැපිය යුතුය. ඉන්පසුව නියමිත ආකාරයට කොණ්ඩය සකස් කළ යුතුය.
සපත්තු
- සාමාන්‍ය කළු සපත්තු කළු මේස් පැළඳිය යුතුයි.
- කකුලේ ආබාධ තුවාල වැනි හේතුවක දී හැර සෙරෙප්පු නො පැළඳිය යුතුය.
- පළඳින සපත්තු ලේස් දමා ගැට ගැසිය හැකි ඒවා වීම.
ආභරණ
- සාමාන්‍ය පිරිත් නූල හැර ගෙල අතැඟිලි ආදියෙහි පළඳනා සහිතව පාසලට පැමිණීම තහනම් ය.
- 11/12/13 ශ්‍රේණිවල දරුවන්ට පමණක් පාසලට ගැලපෙන අත් ඔරලෝසුවක් පැලඳීමට අවසර ඇත.
ගැහැනු ළමුන් සඳහා.
සුදු ගවුම
- උරහිස සිට හිඟ දක්වා කඳ කොටස දිග විය යුතු අතර ඉණ සිට දණහිස වැසෙන තෙක් සාය දිග විය යුතුය.
- රැල්ලක පළල සෙන්ටිමීටර 3ක් විය යුතු අතර අතේ දිග කෙළවර වැලමිට සිට සෙන්ටිමීටර් 7ක් ඉහළින් විය යුතුය.
- ඉන පටිය සඳහා ටික් බොත්තමක් ඇල්ලිය යුතුය.
- ඉන පටිය ඉණ මට්ටමේ මිස උකුල මට්ටමේ නොතිබිය යුතුය.
- කර පියවීමේ දී හා ඉන පටිය බැඳීමේදී කටු හෝ බොත්තම් භාවිතා කළ යුතුය.
- ටයි පටිය ඉණේ සිට සෙන්ටිමීටර් 7ක් පහලට දික් විය යුතුය.
- ගවුමේ ඉදිරිපස විවරය අඟල් තුනකට හෝ හතරකට වැඩි නොවිය යුතුය.
සපත්තු
- දුඹුරු සපත්තු පැළඳ මේස් පැළඳිය යුතු අතර මේස් කොට තැබිය යුතුය.
- එක් පාදයක තුවාලයක් වැනි ආබාධයක් ඇති විට කළු සෙරෙප්පු පමණක් පැළඳිය යුතුය.
කොණ්ඩය
- කොණ්ඩය, දිග ළමුන් මැදින් බෙදා කරල් දෙකකට ගොතා සෙන්ටිමීටර් 6ක් පමණ ඉහළින් කළු රිබන් ගැට ගැසිය යුතුය.
- ඇඳුමේ කොලරයේ ගෑවෙන කෙටි කොණ්ඩයක් ඇති සිසුවියන් කොණ්ඩය මැදින් බෙදා දෙපසට සිටින සේ ගැට ගැසිය යුතුය.
- නැතිනම් පාසලේ ශිෂ්‍යාවකට සුදුසු පරිදි කොණ්ඩය කොටට කපා පැත්තෙන් බෙදා නළල පෙනෙන සේ සකස් කළ යුතුය.
ආභරණ
- ක්‍රේල් කටු පමණක් භාවිතා කළ යුතු අතර වෙනත් පළඳනා භාවිතා නොකළ යුතුය.
- අත්ඔරලෝසුවක් පළඳින්නේ නම්.මුහුණත කුඩා චාම් පටියක් සහිත එකක් විය යුතුය.
- 11, 12, 13 ශ්‍රේණිවල දරුවන්ට පමණක් අවසර දෙනු ලැබේ.
- තෝඩු හා මාල නොපැළඳිය යුතුය.








