අද දින උදෑසන රැස්වීම 7B ශ්‍රේණියේ දරුවන් විසින් මෙහෙයවන ලදී. එම පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් විශේෂාංග රැසක් ඉදිරිපත් කළ අතර පන්ති භාර ගුරුතුමිය වන කුමුදිනී අලගියවන්න මිය දරුවන්ගේ ජීවිතයට උපදෙස් රැසක් ලබාදෙමින් ඉතා හරවත් කතාවක් සිදු කළාය. 2024.08.03 දින විද්‍යාලයේ ප්‍රදර්ශනය කිරීමට නියමිත 'මාතා' වේදිකා නාට්‍ය පිළිබඳවද සිසුන්ව දැනුවත් කරන ලද අතර විදුහල්පති මේජර් සනත් මුදුන්කොටුව මහතාද දරුවන්ව අමතන ලදී.







